කොරෝනා මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

December 1, 2020 at 3:25 pm | LankaTAB
කොරෝනා මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරනු ලැබුවා.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා.

Leave a Comment

Related News