පාර්ලි මේන්තු සභාව මගින් කොමිෂන් සභා 5 ක සාමාජිකයින් නම් කරයි
රාජ්‍ය සේවා,මැතිවරණ, අල්ලස්, පොලිස් සහ මුදල් කොමිසම් සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් අද රැස්වු පාර්ලිමේන්තු සභාව තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසමේ සභාපති වරයා වශයෙන් පාර්ලිමේන්තු සභාව තහවුරු කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටබැදියි.
එසේම, මැතිවරණ කොමිසම සඳහා නීතිඥ නිමල් පුංචි හේවා, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප‍්‍රනාන්දු, අල්ලස් කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර සහ මුදල් කොමිසම සඳහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන සුමිත් අබේසිංහගේ නම මෙලෙස සභාපතිවරුන් ලෙස තහවුරු කරනු ලැබුවා.
එලෙසම අදාල කොමිෂන් සභාවල සෙසු සාමාජිකයන්ගේ නම්ද අද තහවුරු කරනු ලැබුවා.