ජනපති ලේකම්ගේ තීරණයට ඇමති වාසූගේ විරෝධය ලිඛිතව දන්වයි
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම අසතුට ප්‍රකාශ කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එම කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද,අගමැතිවරයා විසින් බවත්ය.
ජනාධිපති කාර්යාලය විසින් කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවද,එකී ලිපියේ සදහන්වේ.
මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි යැයි ද, ඇමතිවරයා තම ලිපියේ අනතුරු අඟවා තිබේ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.
එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙසද එකේ ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබේ.