අමෙරිකාවේ බලය වෙනුවෙන් ජන කණ්ඩායම් අතර ගැටුම් උග්‍රවේ අතට.
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිපල සමගින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ආධාරකරුවන් අතර ගැටුම් උත්සන්න අතට පත්වී තිබෙනවා.
හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ පාර්ශවය සඳහන් කරනුයේ මෙම චන්දය නිත්‍යානුකුල නොවන බවයි. තම චන්ද අයිතිය කොල්ලකා ඇතිබව විරෝධතාවලට එක්වූ පිරිස් පවසන බව වාර්තා වෙනවා. මැතිවරණයේ ඡන්ද ගණන් කරන දින රාත්‍රීය වන විට බොහෝ ප්‍රාන්තවල ඉදිරියෙන් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුදින උදෑසන තැපෑලෙන් පැමිණි ඡන්ද ගණන් කිරීම ඇරඹුනු පසු එම ඡන්ද ප්‍රතිඵලය කණපිට හැරිම මෙම ගැටුම් වලට මුලිකම හේතුව වුනා. මෙම තැපෑලෙන් පැමිණි ඡන්ද වලින් අතිබහුතරයක් ජෝ බයිඩන්ට හිමිව තිබුණා.