නිරෝධායනයේ සිටියදී විවාහ ආරාධනා පත්‍ර බෙදලා…

November 12, 2020 at 7:56 pm | LankaTAB
නිරෝධායනයේ සිටියදී විවාහ ආරාධනා පත්‍ර බෙදලා…

දින කීපයකට PCR පරීක්ෂණයකට ලක් කළ පුද්ගලයෙක් විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීම සඳහා නිවෙස් රැසකට ගොස් ඇති බව වාර්තා වෙනවා. පසුව ලැබුන PCR පරීක්ෂණ ප්‍රතිපල අනුව ඔහු කොරෝන ආසාදිතයකු බවට හෙළිවී තිබෙනවා. මේ හේතුව නිසාවෙන් ඔහු ගිය නිවාසවල වාසය කරන පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් 11 දින සන්ධ්‍යාවේ සිට දින දාහතරක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් පී ජයනාත මහතා පැවසූවා.

මෙම පුද්ගලයා කළුතර, පන්විල ප්‍රදේශයේ අයෙකු බවත්, නිරෝධායනයට ලක් කර ඇති පිරිස පාදාගොඩ හා ගල්හේන ග්‍රාම වල පදිංචි පිරිසක් බව ඔහු තවදුරටත් පැවසුවා.

නිරෝධායනය වන පුද්ගලයෙකු සිදු කරන සංචරණය, පනවා ඇති නිරෝධන නීති උල්ලංඝනය කර කිරීමක් බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා…

Leave a Comment

Related News