නිරෝධායනය නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 15 දෙනෙක් ‘ඩ්‍රෝන’ මගින් අත්අඩංගුවට
කොළඹ මෝදර ප්‍රදේශයේ හුදෙකලා කර ඇති පෙදෙස් වල නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරුණු පුද්ගලයින් පහළොස් දෙනෙක් ‘ඩ්‍රෝන’ කැමරා තාක්ෂණය මගින් හඳුනාගෙන, පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉදිරියටත් හුදකලා පෙදෙස් වල නිරෝධායනය නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින් හඳුනා ගැනීමට ‘ඩ්‍රෝන’ කැමරා තාක්ෂණය යොදා ගන්නා බවත්, ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.