Covid-19 මරණ පහක් වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනෙකු අද දිනයේ මරණයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම මරණ 5ත් සමග මිය ගිය කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 53 දක්වා ඉහල යයි. අද වාර්තා වන මිය ගිය අය කොළඹ 13, කොළඹ 14, හලාවත සහ රත්මලාන ප්‍රදේශවල පුද්ගලයින්ය.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 කාන්තාව – අධික රුධිර පීඩනය දියවැඩියාව සමඟ කොරෝනා වෛරසය ආසාදනය වීම
හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයා – කොරෝනා ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොලයේ රුධිර වහනයක් සිදු වීම
රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා – අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොරෝනා ආසාදනය හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවීම
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයා – කොරෝනා ආසාදනය සමඟ හෘදයාබාදයක් ඇති වීම
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයා – ඇදුම රෝගය සහිතව සිටිය දී කොරෝනා ආසාදනය වීම