මමයි දකුණේ මීළඟ මහ ඇමති..!
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තමන් මහ ඇමති ධූරය අපේක්ෂාවෙන් තරග වදින බව හිටපු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමීමේ සිද්ධියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධතාවයක් නොමැති බවත්, ඒ සියල්ල අමතක කර මැතිවරණයේදී පොහොට්ටුවෙන් පළාත් සභාවට ඉදිරිපත් දීමට සූදානම් බවත් අන්තර්ජාල නාලිකාවක් හා පැවැත්වූ සාකච්ඡාවක දී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් පවසා ඇත.