ඕනෑම මතුපිටක කොරෝනා වයිරසය පැවතිය හැක..

November 17, 2020 at 2:35 am | LankaTAB
ඕනෑම මතුපිටක කොරෝනා වයිරසය පැවතිය හැක..

වර්තමාන තත්වය යටතේ කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ තුළ ඕනෑම මතුපිටක ඕනෑම අවස්ථාවක කොරෝනා වෛරසය පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක්, ආහාරයක් ස්පර්ශ කල පසු අනිවාර්යෙන්ම නිසි ක්‍රමවේද භාවිතා කරමින් දෑත් සෝදා ගත යුතුයැයි ඔහු දැනුම් දෙනවා. එමගින් පෘෂ්ඨයන් හරහා වෛරසය පැතිරීම උපරිමයෙන් වළක්වා ගත හැකි බවද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Leave a Comment

Related News