2021 අයවැය අද පාර්ලිමේන්තුවට…
ඉදිරි වසරට (2021) අදාලව ඉදිරිපත් කරන අය වැය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී (ප.ව. 1.40ට ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය මෙරට 75 වන අය වැය ලෙස වාර්තාව වේ.
ඉන් අනතුරුව, 18 වනදා සිට 21 වනදා දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනවා.
21 වනදා පස්වරු 5.00ට දෙවනවර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පවත්වනු ලබනවා. ලබන 18 වනදා සිට 20 වනදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා අයවැය කාරක සභා අවස්ථාව පවත්වා දෙසැම්බර් 10 වනදා පස්වරු 5.00ට එහි ඡන්ද විමසීම පවත්වනු ලබනවා.
එම සම්පූර්ණ කාලසීමාව තුළ සියලූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සඳහන් කරයි.
මෙවර අය වැයේ සාරාංශය එය පැවැත්වෙන මොහොතේම ඔබට ලබාදීමට “LankaTab” සුදානම්ව ඇත.