බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියෙකු මිය යයි.

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කළ රැඳවියෙකු මියගොස් තිබෙනවා.
නිරෝධායනය සඳහා යොමුකර සිටි රැඳවියන් පස්දෙනෙකු ඊයේ රාත්රියේ බන්ධනාගාර තාප්පයෙන් පැන පළා යාමට උත්සාහ දරා ඇති අතර එහිදී පැන යාමට උත්සාහ කළ රැඳවියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙකු අතුරුදන්ව ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.