බෝගම්බරින් පැන ගිය රැඳවියා සැඟවී සිටියදී අල්ලා ගනියි..

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියා අද (18) පස්වරුවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ඔහු අද (18) අලුයම 1.00 ට පමණ බන්ධනාගාරයෙන් පලාගොස් තිබු අතර පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව ඔහු සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.