සේවයට වාර්තා නොකරන බන්ධනාගාර නිළධාරීන්ට දැනුම්දීමක්
සිය රාජකාරීන් සඳහා වාර්තා නොකල සියලුම බන්ධනාගාර නිළධාරීන් සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සියලු පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර ආශ්රිතව මතුවූ කොරෝනා පොකුර හේතුවෙන්, ඉකුත් දා සියළුම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගැනුනා.
එබැවින්, නිවාඩු ලබා සිටින සියළු නිලධාරීන් පසුගිය සඳුදා පෙරවරු 8ට පෙර සිය සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව මින් පෙර දැනුම් දී තිබුනා. බොහෝ නිළධාරීන් සේවයට වාර්තා කර තිබූ බවත්, මෙම නියෝගය නොසලකා කටයුතු කල නිළධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන අදාල පියවර ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්රකාශ කරනවා.
බන්ධනාගාර පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 531ක් වාර්තා වනවා.