තවත් කොරෝනා ආසාදිතයන් 227ක් සොයා ගනී.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 227ක් හමුවී තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි.
මෙම ආසාදිතයන් 227ත් සමග මෙරට වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 13929ක් බවට ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ආසාදිතයින් ගණන 510ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම සංක්‍යාවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 5609වන අතර සුවය ලබා නිවෙස් වෙත 8285 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. මෙතෙක් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 35ක් බව සඳහන් වෙනවා.