කළුතර නිවාස සංකීර්ණයක් ලොක්ඩවුන්..
කළුතර උතුරු ප්රදේශයේ ජන ජය නිවාස සංකීර්ණයේ සිදු කරන ලද අහඹු පරීක්ෂණ මගින් Corona ආසාදිතයෙකු වාර්තා වීම නිසා එම නිවාස සංකීර්ණය හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
නිවාස හැට හතරක් සහිත මෙම නිවාස සංකීර්ණයේ සෙසු පිරිසට ද කොරෝනා පරීක්ෂණ සිදුකරන තෙක් මෙම හුදකලා කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.