රස සුවඳ ගඳ නොදැනීම කොරෝනා රෝග ලක්ෂණයක් විය හැකිය..

November 21, 2020 at 6:12 pm | LankaTAB
රස සුවඳ ගඳ නොදැනීම කොරෝනා රෝග ලක්ෂණයක් විය හැකිය..

කෙනෙකුට රස සුවඳ හෝ ගඳ නොදැනෙන අවස්ථාවක් උද්ගතව ඇති නම් එම තත්ත්වය Corona ආසාදනය වී ඇතැයි සැක කළ හැකි අවස්ථාවක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටිනවා.

උගුරේ අමාරුව හා පපුවේ යම් මට්ටමක රිදීමක් ඇති වීමද Corona හි තවත් එක් රෝග ලක්ෂණයක් ලෙස ඔහු සඳහන් කරනවා.

නමුත් මෙම රෝග ලක්ෂණ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වසංගත රෝග වලදීද ඇතිවිය හැකි බවත්, දීර්ඝකාලීනව උගුරේ ආබාධ ඇති පුද්ගලයින් ඒ ගැන අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් ඒ මහතා තවදුරටත් පවසනවා.

Leave a Comment

Related News