Covid ආසාදිත ව සිටිය දී IDH රෝහලින් පැන ගිය කාන්තාව අත්අඩංගුවට…
කොලඹ IDH රෝහලෙන් පලාගිය Corona ආසාධිත කාන්තාව ඇහැලියගොඩ සිඳුරංගල කැලෑබද ප්රදේශයක දී ගම්වාසීන් ගේ මැදිහත්වීම මත පොලිස් අත්අඩංගුවට පත්වුන බව පොලිසිය විසින් තහවුරු කරන ලදී.
වයස අවුරුදු 25 වූ මෙම කාන්තාව පසුගිය 19 වැනිදා රාත්රියේ අයි ඩී එච් රෝහලින් පලා ගොස් තිබුණේ එම රෝහලේම සිටි අවුරුදු දෙකක පමණ වන සිය දරුවා ද සමගිනි. එම දරුවා ඇයගේ ඥාතීන් භාරයේ සිටියදී සොයා ගැනුණා.