LPL තරගාවලිය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ

November 22, 2020 at 7:43 am | LankaTAB
LPL තරගාවලිය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලිය සඳහා ස්ථාපනය කළ ජෛව ආරක්ෂිත පරිසරය සඳහා සෑම කණ්ඩායමක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන් 5 දෙනෙක් හා අධීක්ෂණ කටයුතු සඳහා යුද හමුදාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකු බැගින් යෙදවීමට නිමිත අතර තරගාවලියට එක්ව වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කෙරෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දක්වා ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහිදී ජෛව ආරක්ෂිත පද්ධතියට අනුව තරගාවලියට එක්වන සෑම විදෙස් ක්‍රීඩකයෙකුටම පැය 72ක පරතරයකින් යුතු වු PCR පරීක්ෂණ 2ක් සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ, අනතුරුව මෙරටටදී නැවතත් PCR පරීක්ෂණයකට මුහුණදිය යුතුයි.

ඒ අනුව තරගාවලියට පැමිණෙන ක්‍රීඩකයින් සමස්ත තරගාවලිය පුරාම PCR පරීක්ෂණ 10කට මුහුණදිය යුතුය.

මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප‍්‍රධාන දේශීය ක්‍රීඩකයා වන ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන් එහි නායකත්වය සඳහා පාකිස්තාන ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩී පත් කිරීමට කටයුතු කර ඇති අතර උප නායකයා ලෙස භානුක රාජපක්ෂ නම් කර ඇති බවට ද වාර්තා වෙනවා.

Leave a Comment

Related News