හිටපු ඇමතිගේ පුතා ඇප පිට නිදහස්..
අත්අඩංගුවට ගත් හිටපු ඇමති අතාවුද සෙනෙවිරත්න මහතාගේ පුත්‍රයකු පොලීසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
සැකකරු, කුරුඳුවත්ත ප්‍රදේශයේ විනිසුරුවරයෙකුගේ නිවස ඉදිරිපිට මෝටර් රථයක් නැවැත්වීම පිළිබඳව පොලිස් නිලධාරියකු විසින් අවවාද කිරීමේදී, එම නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කළේ යැයි, කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ගොණුකර තිබු පැමිණිල්ලකට අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබුනා.