කොරෝන රෝගීන් 6 ක් හමුවීමෙන් නිකවැරටියේ කඩ වැසේ.

November 9, 2020 at 2:22 pm | LankaTAB
කොරෝන රෝගීන් 6 ක් හමුවීමෙන් නිකවැරටියේ කඩ වැසේ.

කොරෝනා රෝගීන් 6 දෙනෙක් සහ ආශ්‍රිතයින් හඳුනාගැනීම නිසා 09 ,10,11 යන දින තුන තුල නගරයේ සියළුම වෙළඳ හා ව්‍යාපාරික ස්ථාන වසතබන බව නිකවැරටිය වෙළඳ සංගමය පවසනවා. එහි මුලිකම අරමුණ සෞඛ්‍ය අංශ වලට සහය දක්වමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීම බව ඔවුන් තව දුරටත් පවසනවා.

කොරෝනා රෝගීන් හයක් වාර්තා වීම සහ ආසාධිතයන් හා ආශ්‍රියන් නගරයේ සැරි සැරීම නිසාත් සෞඛ්‍ය අංශ වලට සහය දක්වමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් 09 ,10,11 යන තෙදින තුල නිකවැරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට පියවර ගත් බව නිකවැරටිය වෙළඳ සංගමය පවසනවා.

මේ වනවිටත් නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් නිරෝධායනට ලක් කර වසා දමා ඇති අතර නිකවැරටිය නගරයට පැමිණෙන පිරිස් තවත් අවම කිරීමේ අරමුණින් ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඉදිරි 12 වෙනි බ්‍රහස්පතින්දා නැවත නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරන බවත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සෞඛ්‍ය අංශ වලට සහයෝගය දක්වන මෙන් නගරයට පැමිණෙන සියලුම ජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

Leave a Comment

Related News