ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් වෙයි.

November 25, 2020 at 6:49 am | LankaTAB
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනස් වෙයි.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සිය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සඳහා තෝරාගත් අයගේ නම් ඊයේ ප්‍රසිද්ධ කළා.

එරට මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්ටනි බ්ලින්කන් පත්කිරීමට නියමිත බවත් දේශගුණ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව නියෝජිතයා ලෙස හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු වන ජෝන් කෙරී පත්කිරීමට නියමිත බවයි.

අමෙරිකා ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස ඇව්රිල් හයින්ස් පත්කිරීමට නියමිත අතර ඇය එම තනතුරට පත්වන පළමු අමෙරිකානු කාන්තාව ලෙස ඉතිහාස ගතවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ජෝ බයිඩන් හට ජනාධිපතිධුරය භාරගැනීම සඳහා වන බල හුවමාරුවට ඉඩදීමට තමා සූදානම් බව අමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

දේශපාලන විචාරකයින් පවසන්නේ,ට්‍රම්ප් සිය මැතිවරණ පරාජය පිළිගැනීමේ පළමු පියවර මෙය බවයි.

ඒ අනුව, ජනවාරි 20 වනදා නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට අදාළව මෙතෙක් ඇනහිට තිබු බොහෝ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමිවී තිබේ.

Leave a Comment

Related News