“මින්ක්”නමැති මුගටියන් මඟින් කෝවිඩ් මිනිසුන්ට බෝවෙන බව රටවල් පහක් සදහන් කරයි.

November 10, 2020 at 10:49 am | LankaTAB
“මින්ක්”නමැති මුගටියන් මඟින් කෝවිඩ් මිනිසුන්ට බෝවෙන බව රටවල් පහක් සදහන් කරයි.

ලොම් ලබා ගැනීම සඳහා ඇති කරන මුගටි විශේෂයක් මගින් කොවිඩ් රෝගය මිනිසුන්ට බෝ වන බවට අද තවත් රටවල් පහක් වාර්තා කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මීට පෙර මුලින්ම ඩෙන්මාර්කය සදහන් කළේ “මින්ක්” නමැති මෙම මුගටි විශේෂය මඟින් මෙම රෝගය බෝවන බවයි.

මෙම නව තොරතුර වාර්තා කළ සෙසු රටවල් වන්නේ අමෙරිකාව , ඉතාලිය , නෙදර්ලන්තය , ස්වීඩනය සහ ස්පාඤ්ඤයයි.
මේ තත්ත්වයත් සමග ඩෙන්මාර්කය මිලියන 15 කට ආසන්න මුගටින් මරා දැමීමට තීරණය කර තිබෙනවා.

Leave a Comment

Related News