සුදු ජිරාෆයාට GPS කට්ටලයක්..

November 18, 2020 at 8:13 pm | LankaTAB
සුදු ජිරාෆයාට GPS කට්ටලයක්..

ලෝකයේ ජීවත්ව සිටින එකම සුදු පැහැති ජිරාෆ් වෙත GPS කට්ටලයක් සවි කරන ලද බව මෙම සත්වයා ජීවත් වන කෙන්යානු රටේ ආරංචි මාර්ග පවසා සිටී.

මෙම සත්වයාගේ මෙම දුර්ලභ සමේ පැහැය ඔහුගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන බැවින් මෙම තීරණයට එලඹි බව ආරංචි මාර්ග දන්වා සිටී.

දඩයම් කරුවන් විසින් මෙම සුදු ජිරාෆ් පවුලේ සිටි අනෙක් ජිරාෆයන් දෙදෙනා පසුගිය මාර්තු වල ඝාතනය කර ඇති අතර දැනට මේ ජීවත් වන සුදු ජිරාෆයා, ලොව සිටින එකම සහ අවසන් ජිරාෆයා බවට පත්ව ඇති බව සඳහන් වේ.

Leucism නැමැති ඉතා දුර්ලභ චර්ම රෝගී තත්වයක් හේතුවෙන් මෙම ජිරාෆයාගේ සමේ වර්ණය සුදු පැහැ වී ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි.

Source – bbc.com

Leave a Comment

Related News