COVID-19 ආසාදිත මරණ 50,000 සීමාව ඉක්මවූ පස්වන රට බ්‍රිතාන්‍ය
Covid-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය සිදු වූ මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපයේ කොවිඩ් නයින්ටීන් මරණ 50,000 ඉක්මවූ පළමු රට ලෙස බ්‍රිතාන්‍ය සැලකෙන බවය.
ඊයේ (11) දිනය වන විට එරට සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 50,365 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාධිතයින් 1,256,725 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය මරණ 50,000 සීමාව ඉක්මවූ පස්වන රට ලෙස සැලකෙන අතර අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව මීට පෙර එම සීමාව ඉක්මවා ගොස් තිබුණි.