අදත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.