අය වැය තෙවැනි වර කියවීමේ දෙවන දිනය අද

අයවැය තෙවන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
අදත් පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 09.30 ට ආරම්භ විමට නියමිත අතර පෙරවරු 10.00 ට අයවැය කාරක සභා අවස්ථාව ආරම්භ වනවා.
අද දිනයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි, ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
දින 16 ක් පුරා පැවැත්වෙන අයවැය තෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව දෙසැම්බර් 10 වන බ්‍රහස්පතින්දා දින පස්වරු 05.00 ට අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.