අය වැය 2021 දෙවන වර කියවීම අද

November 18, 2020 at 8:17 am | LankaTAB
අය වැය 2021 දෙවන වර කියවීම අද

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිත අතර ලබන 21 වනදා දක්වා විවාදය පැවැත් වේ.

අයවැය දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිත ය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

Leave a Comment

Related News