ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනපතිට

November 26, 2020 at 7:40 pm | LankaTAB
ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනපතිට

ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන තිබෙනවා.

රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළෙඳපොළ ක්‍රියාවලිය සරළ කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක් බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගි දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය නව අමාත්‍යාංශයේ විෂයය පථයට අයත්ය.

Leave a Comment

Related News