කටුනායක ගුවන්තොටුපලේ මහජන ආලින්දය අද යලි විවෘත කෙරේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්විමේ පර්යන්තයේ, මහජන ආලින්දය අද පෙරවරු 09.00 සිට ට යළි විවෘත කෙරෙනවා.
ඒ අනුව එක් ගුවන් මගියෙකුට සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ යටතේ මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන ආ හැකි වනවා.
මේ අතර Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමුවිම නිසා තම ගමන් මලු දිමනාව භාවිතා කිරිමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සදහා අවස්ථාව හිමිව තිබෙනවා.
ඒ අනුව තම නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ දින සිට මාසයක කාලයක් තුළ ගුවන්තොටුපල වෙත පැමිණ එහි පිහිටි බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදි ගැනිමට හැකියාව සලසා ඇති බව සදහන්.