කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දමයි..
කුරුණෑගල නගරයේ පිහිට ඇති ප්‍රධානම වීදිය ලෙසින් සැලකෙන මහ වීදියේ පිහිට ඇති ව්‍යාපාරික ස්ථාන රැසක කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුකොටගෙන, එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මාර්ග බාධක යොදා වාහන ගමනාගමනය වලකා වීදිය වසා දැමුවද පාගමනින් එම වීදිය හරහා ගමන්කිරීමට මහජනතාවට අවස්ථාව සලසා ඇත.
එම වීදියේ ව්‍යාපාරික ස්ථාන අටක් වසා දමා ඇති අතර අනිකුත් ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යාමට බාධාවක් නැතැයි නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පවසයි.