කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය කොරෝනා අධි අවදානම් තත්වයක..

November 18, 2020 at 1:19 am | LankaTAB
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය කොරෝනා අධි අවදානම් තත්වයක..

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය මේ වන විට කොරෝනා අධි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

අද වන විට වෛරසය යම්කිසි පාලනයක තිබුනත් කොළඹ මහ නගර සභා සීමාව මෙන්ම බස්නාහිර පළාතද යම් යම් කිසි ආකාරයකට තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින බව ඔහු පැවසීය.

සමාජය තුළින් මෙන්ම විවිධ ආයතන තුළින් ද ආසාදිතයන් වාර්තා වන බවත්, මෙය යම්කිසි ආකාරයකින් පාලනයක් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Related News