කොළඹ මහ නගර සීමාව අවදානම්. නිවසේම රැදෙන්න – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී
කොළඹ මහා නගර සභා සීමාව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිපුරම අවදානම් තත්වයකට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
එමෙන්ම සමස්තයක්ව ගත් කල, බස්නාහිර පළාතේ කොරෝනා අවදානම අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉහළ බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින් බස්නාහිර පළාත් වාසීන් සිය සංචරණ කටයුතු අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් යොදා ගන්නා ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී රැඳෙන ලෙසත් ඔහු තවදුරටත් ඉල්ලා සිටියි.