ගංවතුරට කොටුවී සිටින පුනරින් හි 131ක් දෙනෙකු බේරා ගැනීමට ගුවන් හමුදා සහය පතයි.

December 4, 2020 at 1:00 pm | LankaTAB
ගංවතුරට කොටුවී සිටින පුනරින් හි 131ක් දෙනෙකු බේරා ගැනීමට ගුවන් හමුදා සහය පතයි.

කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටින පුද්ගලයින් 131 දෙනෙකු බේරා ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඉල්ලා සිටි බව, කිළිනොච්චිය දිසාපතිනී රූපවතී කේතීස්වරන් අද ප්‍රකාශ කර තිබුනා.
ඒ අනුව කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාන දෙකකට කොටු වී සිටින සාමාන්‍ය වැසියන් 131 දෙනා බේරා ගැනීම සදහා හෙළිකොප්ටර් යානා යෙදවීමට ගුවන් හමුදාව එකග වූ බවයි, කිළිනොච්චිය දිසාපතිවරිය වැඩිදුරටත් පැවසුවේ.
දින ගණනාවක් තිස්සේ කිළිනොච්චියට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා අරුවි ආරු ඔය පිටාර ගලා ඇති අතර පුනරීන් ප්‍රදේශයේ වැසියන් කොටු වී ඇත්තේ එම ජලයට හසු වීම හේතුවෙනි.
විපතට පත්ව සිටින පුද්ගලයින් සමග දුරකතනය ඔස්සේ සබදකම් පවතින බව කියාසිටි දිසාපතිවරිය ඔවුන්ව බේරාගෙන ගොඩ බිමකට රැගෙන ඒමට ඇති එකම ක්‍රමය හෙළිකොප්ටර් යානා යෙදවීම බවද කියා පවසා සිටියා.

Leave a Comment

Related News