ගම්පහ පොලිස් වසම් 6ක් නැවත දැනුම්දෙන තුරු ලොක්ඩවුන්..
ගම්පහ දිස්ත්රික්කයේ තවත් පොලිස් වසම් හයක් නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදකලා කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒවානම්, මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ යන පොලිස් වසම් වේ. මේ පොලිස් වසම් හැර ගම්පහ දිස්ත්රික්කයේ අනිකුත් සියළු හුදෙකලා ප්රදේශ අද අලුයම 05.00 සිට එම තත්වයෙන් මුදා හැරෙනු ලබයි.
ඊට අමතරව කැලණිය පොලිස් වසමද සදුදා උදෑසන 5.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා ප්රදේශයක් ලෙස නම් කරනු ලැබ ඇත.