ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීම..
ගිනිකොනදිග බෙංගාලබොක්ක මුතු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පිහිටන තත්ත්වය අද උදේ 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිණිකොන දෙසින් කිලෝමීටර් 460 ක් දුරින් ස්ථානගතව ඇති බවත්, මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම පද්ධතිය, බටහිරට නැඹුරු ව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරුතුඩුව අතර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට, බදාදා, එනම් දෙසැම්බර් 2 සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.