ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා විවෘත කිරීමට සුදානමක්.

December 13, 2020 at 8:17 am | LankaTAB
ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා විවෘත කිරීමට සුදානමක්.

Covid-19 වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ මෙරට ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙන බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ලබන 26 වන දින සිට ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් වාණිජ සහ විශේෂ ගුවන් මෙහෙයුම් පළමුව ආරම්භ කිරීම සදහා අවසර ලබා දී තිබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන්තොටුපල වෙත මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට අවසර හිමි වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ.

එහිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිලිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් පසුව නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම ජාත්‍යන්තර ගුවන්ගමන් සදහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබද ස්ථිර දින වකවානූ ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.

Leave a Comment

Related News