ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක ඉදිකිරීම් එකවර..
නව්‍ය තාක්ෂණික ක්‍රමවේද මගින් පාරිසරික ගැටළු ඇති නොවෙන නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දෙයි.
අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් මුලික කරගනිමින් මෙය දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වෙන ආකාරයෙන් අරඹන අතර, ඔවුන් වෙනුවෙන් වසර 30කින් ගෙවා නිම කළ හැකි පරිදි සහන පොලී අනුපාතයකට ණය සැපයීමට වාණිජ බැංකු දායක කර ගැනීමද සිදු කෙරේ.
පෑලියගොඩ, කොළොන්නාව, බ්ලුමැන්ඩල්, කොට්ටාව – මාකුඹුර, කොට්ටාව -පළතුරුවත්ත, බොරලැස්ගමුව, මාළඹේ, මහනුවර – ගැටඹේ සහ අනුරාධපුර නගර කේන්ද්‍ර කර ගනිමින් පළමු අදියරේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත දේශීය කර්මාන්තකරුවන්ට ඊට එක්වීමට අවස්ථාව සැලසේ.
එළඹෙන තෙවසරේදී, මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස සංඛ්‍යාව 15,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, අඩු සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන්ගේ ද ඉල්ලුම සැපයෙන පරිදි නිවාස ඒකක 36,884ක් සිව් වසරකදී ඉදිකිරීමද රජයේ අපේක්ෂාවයි.
ජනාධිපති කාර්යාලයේදී, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආයතන 10ක නිලධාරීන් සමග (11) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව හෙළි කරන ලදී.