ජනපතිගෙන් ඓතිහාසික තීන්දුවක්..
දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් කොරෝනා හෝ වෛරස සුව කිරීම සඳහා ඖෂධ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
මෙම දේශීය ඖෂධය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සඳහා වන කටයුතු, පූර්ණ රාජ්‍ය මට්ටමින් සිදු කිරීමට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මූලිකත්වයෙන් ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කිරීමටත්, එම පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෙසු රාජ්‍ය ආයතන වල පූර්ණ සහාය ලබාදෙන ලෙසත් ජනාධිපතිතුමා විසින් දැනුම් දී තිබෙනවා.