ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගැනිම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි..
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇතත් ඒ මහතා විසින් ඊයේ (23 දා) යළි ප්රතික්ෂෙප කර තිබෙනවා.
පක්ෂ නායකයා මන්ත්‍රී ධුරය භාර නොගන්නේ නම් නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා මන්ත්‍රී ධුරය භාර ගත යුතු බවට එහිදී ඉල්ලීමක් ද ඉදිරිපත් වී ඇතත් ඒ පිළිබඳව අවසන් එකගතාවකට එළැඹීමට නොහැකි වී තිබෙනවා.