තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් මිය යයි.

November 16, 2020 at 10:41 pm | LankaTAB
තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් මිය යයි.

කොවිඩ් අසාදිත මරණ තුනක් අද දිනයේදී සිදු වී තිබෙනවා. ඒ සමගින් මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ්-19 මරණ ප්‍රමාණය 61ක් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ පරිදි, අද දිනයේ මියගිය අයවලුන්ගේ තොරතුරු මෙසේය.

මොරටුව ප්‍රදේශයේ  84 හැවිරිදි කාන්තාවක් – දියවැඩියා රෝගය සමඟ කොරෝනා ආසාදනය වී නිවසේ දී

මරදාන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් – කොරෝනා ආසාදිතයෙක් වීමෙන් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර නිදන්ගත වකුගඩු රෝගය සහ ආඝාත තත්වය සමග කොරෝනා ආසාදනය වීම

වයස අවුරුදු 75ක් වූ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් – දියවැඩියාව සහ හෘද රෝග තත්ත්වය සමග කොරෝනා ආසාදනය උත්සන්න වී කොළඹ ජාතික රෝහලට තුළත් කරන අවස්ථාවේදී

Leave a Comment

Related News