දිවයිනට නැගෙනහිරින් පවතින අඩු පීඩන කලාපය නිසා සුළි කුණාටු තත්වයක් ඇති විය හැකි බවට දැනුම් දීමක්..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වන ආකාරයට, දිවයිනට නැගෙනහිරින් පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය හයක කාලයක් ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිවනවා.
එය ඉදිරි පැය 30 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩක් පවතිනවා.
මෙය, වයඹ දෙසින් හෙට දිනය වන විට, දිවයිනේ ඊසාන වෙරළ බඩ ප්‍රදේශයට ළඟා වනු ඇති බව දක්වන අතර පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ, තිරිකුණාමළය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැලකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් සඳහන් කර සිටිනවා.