නව කිරි ගොවිපොළවල් ඇති කිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් ලබාදීම කඩිනම් කිරීමට පියවර
නව කිරි ගොවිපොළවල් ඇති කිරීමේ ව්‍යාපෘතියට අදාළව ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයින් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම කඩිනම් කරන ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේබව සඳහන් කළා.
කිරි ගොවිපළ සඳහා ඉඩම් ලබාදීම ආයෝජන මණ්ඩලය හා මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන අතර ලබන වසරේ මුල් මාස කිහිපයේදී එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහිදී ආයෝජන මණ්ඩලය හරහා ආයෝජකයින්ට සහන සහ දිරිගැන්වීම් සිදු කෙරෙන අතර මේ යටතේ සිසිල් දේශගුණික ප්‍රදේශවලින් ගොවිපොළ පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් වැවිලි සමාගම් විසින් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා තිබේ.
වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ව ආහාර සඳහා අවශ්‍ය කෙරෙන බඩඉරිගු සහ තෘණ වර්ග වගාකිරීම සඳහා රජයේ සහ මහවැලි අධිකාරිය සතු ඉඩම් ලබාදීමට ද නියමිතයි.