නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලාගේ බැංකු ගිණුම් 2 කට කෝටි 400 ක් පිටරටින් ලැබි ඇති බවට සාක්ෂි .
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට සම්බන්ධ බැංකු ගිණුම් දෙකකට වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් මිලියන 4,000 කට ආසන්න මුදලක් පිට රටවලින් ලැබී තිබෙන බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි ඉදිරිපත් වුනා.
එක් ගිණුමක් ශ්‍රී ලංකා හිරා පදනම නමින්ද අනෙක් ගිණුම බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ් යන නමින්ද ආරම්භ කර ඇති බවද ඒ ගිණුම් දෙකෙහිම බලයලත් පුද්ගලයන්ගේ නම් අතර හිස්බුල්ලා මහතාගේ නම පවතින බවද එම සාක්ෂි වලින් කියැවී තියෙනවා.