පන්දහසේ දීමනාව ගැනීමට පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මරුට…

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්රදේශවලට රජයෙන් නිකුත් කර ඇති ආධාර ලබා ගැනීමට ඊයේ (08 වැනිදා) පෝලිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ ඇදවැටී මරණයට පත්ව ඇත. කදිරාන ග්රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි 62 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
පවතින කොරෝනා තත්වය මත ඇයට උපකාර කිරීමට කිසිවෙකුත් ඉදිරිපත්ව නැති අතර පසුව තරුණයන් දෙදෙනෙකු මැදිහත්ව ඇයව රෝහල් ගත කර ඇත.
මෙම මරණය පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට දැනුම් දී ඇත.