පන්සලට පැන, බලෙන් ප‍්‍රකාශයක් ගන්න හැදු බව, මැඩිල්ලේ හිමි චෝදනා කරයි…

November 22, 2020 at 10:01 pm | LankaTAB
පන්සලට පැන, බලෙන් ප‍්‍රකාශයක් ගන්න හැදු බව, මැඩිල්ලේ හිමි චෝදනා කරයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට පැමිණි බව සිංහලයේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සිය සමාජ ජාලා ගිණුම හරහා පවසනවා..

නීතිඥ සහාය නොමැතිව තමන් ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔවුන් උත්සාහ කළ බවද උන් වහන්සේ චෝදනා කරනවා.

තමන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී එළි කරන ලද තොරතුරු හේතුවෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට ගිය බවද උන්වහන්සේ සඳහන් කර සිටිනවා.

ප්‍රබල මැදිහත් වීමක් හේතුවෙන් මෙම කඩිනම් ප්‍රශ්න කිරීම සඳහා යොමු වී ඇති බවත් උන්වහන්සේ පවසයි.

කෙසේ නමුත්, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් ප‍්‍රකාශයක් දෙන බවත් උන් වහන්සේ කියා සිටිනවා.

 

Leave a Comment

Related News