පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් ධුරයට කුෂාණි රෝහණධීර පත් කරයි.

December 4, 2020 at 8:04 am | LankaTAB
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් ධුරයට කුෂාණි රෝහණධීර පත් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂාණි රෝහණධීර මහත්මිය පත්කර තිබෙන බව කතානායක වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා තිබුණා.

1999 දී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක් වූ ඇය, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ විවිධ දෙපාර්තමේන්තු සහ කාර්යංශ ගණනාවක සහකාර ප්‍රධාන නිලධාරි සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරි තනතුරුවල කටයුතු කර තිබුනා.

කුෂාණි රෝහණධීර මහත්මිය 2012 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ධූරයද දරනු ලැබුවා.

Leave a Comment

Related News