පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්
2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව
අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නොවැම්බර් 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.