පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට
පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආසන්නව මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2013 වසරේදී.
ඊට වැය වූ මුදල රුපියල් බිලියන 6.9කි
මහල් හතරකින් සමන්විත මෙම වෙළෙඳ සංකීර්ණය, වාහන 600ක් පමණ නැවැත්විය හැකි රථ ගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු, ආපන ශාලා, අධි ශීතකාමර, සාප්පු සංකීර්ණ, පොදු වැසිකිළි, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වන අතර මෙහි තොග සහ සිල්ලර වෙළෙඳාම සඳහා වෙළෙදසැල් 1192 ක් ද ඉදිකර තිබෙනවා.