බොහෝ ප්‍රදේශවලට අද වැසි
දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27) උදෑසන නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙනවා.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල අහස වලාකුළුවලින් බරව පවතින අතර තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.