මගී බස් රථ හිමියන් වෙත සහන
ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව 2020 මාර්තු මාසයේ සිට මෙම වර්ෂය අවසානය දක්වා බස් ධාවකයින්ගෙන් අය කරන ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත. ඒ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ට පහත සඳහන් සහන ලබාදීමට තීරණය කර තිබේ.
* අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු
* ප්‍රමාද ගාස්තු
* ටෙන්ඩර් ගාස්තු
* ලොග් පත්‍ර ගාස්තු
* පිවිසුම් පත්‍ර ගාස්තු
* අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු